Aug 9, 2010

මූණු පොත පෙරලන්න අලුත් විදිහක්...(Disgby as a better solution)

Pidgin,G-talk වගේ අපි භාවිතා කරන instant messaging application අතරට ආ නවතම සාමාජිකයා තමයි Disgby.තවමත් මේක බීටා version එක තමයි අපිට පාවිච්චි කරන්න පුලුවන්කම ලැබිල තියෙනෙ.License ගැන කිව්වොත් Proprietary software license , ඒ කියන්නෙ software එක භාවිතා කිරීමේදී අපට අයිතිකරු මගින් අපට යම් යම් සීමා පැනවෙනවා.


කොහොම හරි මේකෙ තියෙන විශේෂත්වය තමයි එහි තියෙන සරල බව.ඒ වගේම අඩු දත්ත වැය කිරීමක් මගින් ඔයාගෙ මූණු පොතේ, ලියුම් පෙට්ටියෙ තියෙන ඕපා දූප ටික ඉතාම කෙටියෙන් පැහැදිලිව බලා ගැනීමේ හැකියාව.


උදාහරණයක් විදිහට ඔයා වෙනදට browser එක හරහා මූණු පොතට රිංගල එකෙ තියෙන News Feed,Photos,Links,Status Updates වගේ හැම දෙයක්ම Disgby හරහා ඉතාම ලෙසියෙන් බලා ගන්නත් comment කරන්නත් හැකියාව තියෙනව.


නිකමට හිතන්න මූණු පොතට ගිහින් අපිට මේ ටික පීරන්න යන වෙලාව ගැන...ඒ වගේම සෑම අවස්ථාවකම Browser එක Refresh වීමෙන් වැය වන අමතර දත්ත ප්‍රමාණය ඉතිරි කර ගත හැකි වීම... සතියට කීයක් හරි දාල 400MB-1GB වගේ අරගෙන net යන උදවියට,ඒක ගොඩක් වැදගත් වේවි ;)
Disgby බා ගන්න, මෙතැනට යන්න...

2 comments:

  1. digsby wala feeds hariyata pennanne nea.. try karala balanna.. mama den 1 yr wage indan use karanawa.. anika voice chat bea.. it comes through tokbox..

    ReplyDelete
  2. voice chat nam ba tamai...mata ee gana miss una. But feeds wala nam awlak mata awe na.I have tried it my self...

    ReplyDelete