Feb 20, 2010

බලකොටුවට පාර කපමි...

මේ මගේ පළමු blog සටහන. හරිම අලුත් බවක් හිතට දැනෙනව. මොකද මම ආසාවෙන් අනිත් අයගෙ blog කියෙව්වට මම මගේ දෙයක් කියල ලියන්න පටන් ගත්තෙ අදනෙ...ඒ වගේම මම දැඩි සේ විස්වාස කරන දෙයක් තමා "අප යම් දෙයක් ලබා ගැනීමට ඒ දෙය වෙනුවෙන් අපි කැප විය යුතුයි..." යන බව. ඉතින් අන් අයගේ blog කියවල දැනුම ලබන මගෙන් මෙතුවක් ඉටු නොවූ දෙයක් ඒක.

ඒ ඔක්කොමත් හරි මම මේකට නමක් හිතන්න ගිහින් වැටුන අමාරුවක්...කොහොම හරි මම අන්තිමට දාපු නම තමා ඔය තියන්නෙ. මේකට ලොකු හේතුවක් ඇතුව දැම්මෙ...හැබැයි මට ඒ අදහස එක පාරට තේරුම් කරන්න අමාරුයි...සමහර විට ඒකට ටික කාලයක් යාව්. එය බලන ඔබලාම තීරණය කරත්වා...!
මෙහිදී මට සිදු වූ එක සිද්ධියක් මතක් කල යුතුයි. දවසක් යාලුවෙක් එක්ක blog ගැන කතා කරනකොට මම ඇහුවා..."මචං මේ ඇකඩමික් අස්සේ තව blog ලියන්න වෙලා තියෙනවද කියලා." මේක අහපු පොර මට කිව්වේ..."මචං මේක කරන්නේ තවත් වැඩ ගොඩ කර ගන්න නෙමේ. මේක ලියන්නෙ හිත නිදහස් කරන, ඒ වගේම වටිනා දෙයක් විදිහටයි..." කියල. ඒ කවුරුත් නෙමෙයි, අපේ ක්‍රිශාන් සහොදරයායි (අලියා). උඹ කිව්ව කතාව නම් හරි මචො, උඹට ඔය සිද්දිය අමතක උනත් මම ඒක හිතේ තියා ගෙන හිටියා. ඔන්න අද ඒක ක්‍රියාවට නැංවුවා.

ඉතින් ඔය ටික තමා ඔක්කොටම කලින් මට කියන්න තියෙන්නෙ. අදට මම නවතිමි.