Aug 27, 2010

Remove the write protection of your pen drive

Hi all, today I'm going to share a worst experience which I have faced with my TDK flash drive. I'm using it for several months but it always pop up an error while I was copying or moving stuff. It says can not copping file and remove write protection... something like that.

please note that I'm not going tell that all the TDK pen drives have got this problem. But the thing is I haven't got this matter with other pen drives that I have already used :)
Anyway here is the way to remove the write protection your pen drive (it may be portable hard drive, ect)...I have played it on windows 7.

1) You will have to use administrative privilege in cmd.


2) Then enter following commands... (letters are case insensitive)

* diskpart
* list volume (This will show drive number, letter, label,ect )
* select volume 6 (if the volume number was 6 )
* attribute disk clear readonly
* exit


If all the things are done well, it will show "Disk attribute cleared successfully".

Aug 23, 2010

බලකොටුවේ අවසන් රාත්‍රිය...!

" සම්ප්‍රයෝගයට හේතු වන විප්‍රයෝගයක් "


බලකොටුවේ වටා රොක් වුණු නයිට් වරුණි,
රැස්ව සිටින සභිකයණි,
හදිසියේ පළකල නූලත දැක ඒ උඩ කොටා පැමිණියාට ස්තූතියි...!
කනගාටුන් වුනත් කියන්න තියෙනව දෙයක්,
උඹලා හැමෝටම...
අද තමයි බලකොටුවෙ අන්තිම දවස...

හිටිව් හිටිව්,
එහෙව් කියපු මාව දාල දුවන්න එපා බොලව්...
බලකොටුවේ අන්තිම රත්‍රිය කියන්නෙ,
බලකොටුව නටබුන් වෙන දවස නෙමෙයි...

පොඩි වෙනසක් කරන්න සිද්ද වුනා...
ඇත්තටම මේ වෙනස විශේෂ කෙනෙක්ගේ ඉල්ලීමක්,
ඔව්...අහක දාන්න බැරි තරමටම,
මගේ තමයි වරද,
මම නිකමට බලකොටුව පෙන්නුවෙ,
කව්ද දෙවියනේ දන්නෙ ඒ නිසා මෙච්චර වෙනසක් වේවි කියල...
"බලකොටුව" හරි මදිලු,
වෙනස් කරන්නලු,
හැබැයි මට හිතෙන්නෙ ඒක ලස්සන වෙනසක් වේවි...

එහෙනම් හමුවෙමු,
මෙතැන් සිට,
දෙදිනක් ගිය තැන...
"සයිබර් අවකාශය සිත්තම් කරන"
සැබෑ වෙනසක් කරන්න,
උඹලාගෙන් අවසර...
හිතනව,
උඹලා මාව දාල නොයාවීයි කියා...!

Aug 9, 2010

මූණු පොත පෙරලන්න අලුත් විදිහක්...(Disgby as a better solution)

Pidgin,G-talk වගේ අපි භාවිතා කරන instant messaging application අතරට ආ නවතම සාමාජිකයා තමයි Disgby.තවමත් මේක බීටා version එක තමයි අපිට පාවිච්චි කරන්න පුලුවන්කම ලැබිල තියෙනෙ.License ගැන කිව්වොත් Proprietary software license , ඒ කියන්නෙ software එක භාවිතා කිරීමේදී අපට අයිතිකරු මගින් අපට යම් යම් සීමා පැනවෙනවා.


කොහොම හරි මේකෙ තියෙන විශේෂත්වය තමයි එහි තියෙන සරල බව.ඒ වගේම අඩු දත්ත වැය කිරීමක් මගින් ඔයාගෙ මූණු පොතේ, ලියුම් පෙට්ටියෙ තියෙන ඕපා දූප ටික ඉතාම කෙටියෙන් පැහැදිලිව බලා ගැනීමේ හැකියාව.


උදාහරණයක් විදිහට ඔයා වෙනදට browser එක හරහා මූණු පොතට රිංගල එකෙ තියෙන News Feed,Photos,Links,Status Updates වගේ හැම දෙයක්ම Disgby හරහා ඉතාම ලෙසියෙන් බලා ගන්නත් comment කරන්නත් හැකියාව තියෙනව.


නිකමට හිතන්න මූණු පොතට ගිහින් අපිට මේ ටික පීරන්න යන වෙලාව ගැන...ඒ වගේම සෑම අවස්ථාවකම Browser එක Refresh වීමෙන් වැය වන අමතර දත්ත ප්‍රමාණය ඉතිරි කර ගත හැකි වීම... සතියට කීයක් හරි දාල 400MB-1GB වගේ අරගෙන net යන උදවියට,ඒක ගොඩක් වැදගත් වේවි ;)
Disgby බා ගන්න, මෙතැනට යන්න...