Dec 27, 2013

පිපාසයෝ...?















ඉමක් කොනක් නොපෙනෙන
ඉඩෝරයට කර උන පොළොවක
මිරිගුවක් පසු පස දුවන
පිපාසිත මුව රැල…

අද ෆුල් ජොලියේ ජොබ් ගැන පුරසාරම් බාන උඹලා,
හෙට එම්.එස්.සී එකක් කරල රට සල්ලි වලින් පඩි ගන්න හදනවා…
අනිද්දා පී.එච්.ඩී එකක් දාල ලෙක්චර් වෙන්න හදනවා…
සිකුරාදාට කියනවා,
මේ පාළුව යන්නත් එක්ක බැඳල අවෝසම් උනා නම් නියමයි කියල...
සෙනසුරාදාට තමයි හොදම එක,
එදාට කියන්නෙ බොන එක තරම් වෙන ෆන් කොහේද කියල...

මේව ඔක්කොමත් හරි,
නිකමට…
උඹලට ඇත්තටම ඕනෙ මොනවද කියල ඇහුවොත්...?...

උඹල දුව දුව හොයනවා
උඹලට තියෙන පිපාසයට වඩා...
උඹලට පිපාසයක් වෙලා තියෙන්නෙ අනිත් උන්ගෙ පිපාසය.

උඹලත් එක්ක ඉන්න මම
මේ දේවල් ගලප ගන්න බැරුව
බලන් ඉන්නවා නතර වෙලා
උඹලගෙන් දිනන්නේ කවුද කියල.
උපේක්ෂාවෙන්...
හැබැයි නතර වෙලා ඉන්න මට,
මම ඇත්තටම පිපාසෙන් කියල තේරුන දවසට...[…]