Jul 21, 2010

අඳුරෙන් එළියට...


"කොහොම හරි මේක කියවන උඹ හිතල බලපන් ඔය ඉන්නෙ උඹමද කියල. ඔව් ඔව් උඹගෙන් තමයි මම අහන්නෙ.වෙන කව්ද ඉතින් ඔතන ඉන්නෙ...? මේක කියවන්නෙ උඹේ උඩු හිතනෙ.වෙන කවුද...? පොඩ්ඩක් එබිල බලපන් උබේ යටි හිතට...දැක්කද...? අන්න ඌ තමයි උඹ....විස්වාස නැද්ද...? පොඩ්ඩක් හිතල බලපන්. උඹ කැමති හැම දේම,උඹේ ඉලක්ක, උඹේ ආශාවල් ඉටු කර ගන්නා තැනට උඹව මෙහෙය වන එකා, තමයි ඌ.
වුවමනා කිමෙක්ද යන්න, උඹ ලෝකය හමුවේ විදහා දක්වන ආත්මය නොව උඹේ යථාර්ත ආත්මය දන්නේය...
එතකොට කව්ද මේ උඩු හිත. ආ ඌ තමයි ඒ අරමණු ඉටු කර ගන්න කම් උඹව මේ සමාජයෙන් බේර ගෙන ඉන එකා.මොකද උඹේ යටි හිත උඩු හිත මෙන් ක්‍රියා කලොත් දැනටමත් උඹ මේ සමාජයට වැරදිකාරයෙක්.ඒක නිසා උඹ උදේ නැගිට්ට වෙලේ ඉදල ලෝකයා ඉදිරියේ රගපාන අතර තුර උඹේ යටි හිතේ තියෙන ආශාවල්, අරමුණු,ඉලක්ක මුදුන් පමුණුවාලන්න කරුණු හොයනවා.
හැබැයි මේක කියවලා මගේ ඇගට ගොඩ වෙන්න කලින් හිතල බලපල්ලා...මම කිව්වෙ බොරුද කියල. මොකද උඹ මට බැන වැද මගේ ඇගට ගොඩ වදින්නට හිතෙනවා නම් ඒකත් උඹේ යටි හිතින් උඹ ලවා කරවන දෙයක්.මොකද මේ වගේ දෙයක් කියවීමත් උඹේ යටි හිතට පාඩුවක් බව ඌ දන්නවා.මොකද ඌ බයයි...උඹ කවදා හෝ උඹ යථාර්තය තේරුම් කර ගෙන උඹ උඹේම යටි හිත උඹේම උඩු හිත සමග අභිසරණය කරාවි කියා...මොකද උඹ බැරි වෙලාවත් ඒ දෙය කලොත්...උඹට තව දුරටත් බොරු කියන්න,රගපාන්න ඕන වෙන්නෙ නෑ...මොකද දැන් උඹ උඹවම රවට් ගන්න එකෙකු නොවෙයි...උඹ ගත කරන්නෙ සැකයෙන් තොර ප්‍රීතිමත් ජීවිතයක්...මොකද උඹ දැන් කරන්නේ උඹේ යටි හිතට ඕනෑ කරන දේ නොව උඹ විසින් ධාර්මිකව උඹේ දියුණුවට අවැසි දෙය පමණි...

ඔව් ඒ දෙය වෙනව...කවදා හරි වෙනව...කවදද..? උඹටම උඹ ගාව ඔය තියෙන ආත්ම වංචාව එපා උන දවසට....මොකද උඹ දුවල දුවල අන්තිමට හති වැටන්නෙ, මේ යටි හිත උඩු හිත සමග කරන වංචාව තව දුරටත් කරන්න බැරි තරමට වෙදනාකාරී උනහම.හරියට අපි වයසට යන කොට ටිකක් වැදියෙන් පිනට දමට නැඹුරු වෙන්නව වගේ...එහෙම නේද..?..."

ගොඩක් කාලයකට පස්සෙ බලකොටුවට ගොඩ වැදුනා. මම හිතන්නෙ තෙමසක් පමණ වූ පටට් ඇකකට පස්සෙ තමයි බලකොටුව පැත්තෙ එන්න ලැබුනෙ. එතින් නිමාඩු පාඩුවෙ එන්න අතර තුර මනෝ විද්‍යාව ගැන ලියැවුණු පොතක් හම්බුනා කියවන්න. ඒකෙ තිබුණා වැදගත් යැයි කිය හැකි දෙයක් තිබුණු නිසා කට්ටියටම දැන ගන්න මට තෙරුම් ගත හැකි වූ ආකාරයට එහි සාරංශයක් බලකොටුවෙ සටහන් අතරට එකතු කරන්න හිතුනා...

4 comments:

  1. කාලෙකට පස්සෙ..
    වැදගත් ලිපියක්..
    අපිට අනෙකාගෙ හිත කියවන්න පුළුවන්නම්...
    අර කථාවක් තියෙන්නෙ හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස් කියලා..ඒකත් ඔය උඩු හිත යටි හිතේ කෙරුරාවක් තමා..
    ඒ දෙක හරියට රැම් එකයි හාඩ් ඩිස්ක් එකයි වගේ..
    ජයවේවා!!!

    ReplyDelete
  2. උඩු හිත යටි හිත කතන්දරයක් නම් මම දන්නෙ නෑ මම විස්වාස කරන විදිහට තමයි තමන්ගෙ හිතට එකඟව ජීවත් වීම. කාට බොරු කරත් හිතට බොරු කරන්න බෑ. කවද හරි මතක් වේවි තමන් කරපු බොරු, වැරදි. එහෙම නොකර තමන්ගෙ හිතට එකඟව ජීවත් වෙන්න පුළුවන්නම් එක තමයි හොඳම දේ කියලයි මම නම් හිතන්නෙ.

    ReplyDelete
  3. සහතික ඇත්ත මචං...වැඩි අටුවා ටීකා ඕනෙ නෑ. උත්සහ කලොත් පුලුවන්...හැබැයි ගොඩක් අය අකමැතියි...
    මොකද කිව්වොත්,,,
    බොරුවෙන් යන ගමන,
    හරිම මිහිරියි...ලේසියි...
    හැබැයි කවද හරි, දින්නත් පරාදයි...!

    ReplyDelete