Apr 20, 2010

ආදරයේ ඇල්ගොරිදමය...


දෙසතියකට නොඅඩු කුළුදුල් ප්‍රේමයක
ඔබත් මමත් තනි වූ ලෝකයේ...
සෑම හද ගැස්මකම...
නුඹේ නම මට සුසුමක් විය.
නමුත් ඒ බවක් නුඹ නොදැන,
නුඹ හිතින් දුක් විද,
මා නොඇමතූ වරදට,
පුරා දස පැයක් වචනයකුදු නොහලවා...
මට දුන් දඩුවමින්,
ඉගෙන ගතෙමි හොද හැටි
ආදරයේ ඇල්ගොරිදමය...

2 comments:

  1. උදේෂිකා කියන්නේ සුසුම් වලටද මචන්...

    ReplyDelete
  2. මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාට ත් වැඩියෙන් එළියයි..
    නෝක්කාඩුවට පසුව නුඹේ වත ඒ එළියට වැඩියෙන් එළියයි...
    එහෙම නේද???

    ReplyDelete