Feb 20, 2010

බලකොටුවට පාර කපමි...

මේ මගේ පළමු blog සටහන. හරිම අලුත් බවක් හිතට දැනෙනව. මොකද මම ආසාවෙන් අනිත් අයගෙ blog කියෙව්වට මම මගේ දෙයක් කියල ලියන්න පටන් ගත්තෙ අදනෙ...ඒ වගේම මම දැඩි සේ විස්වාස කරන දෙයක් තමා "අප යම් දෙයක් ලබා ගැනීමට ඒ දෙය වෙනුවෙන් අපි කැප විය යුතුයි..." යන බව. ඉතින් අන් අයගේ blog කියවල දැනුම ලබන මගෙන් මෙතුවක් ඉටු නොවූ දෙයක් ඒක.

ඒ ඔක්කොමත් හරි මම මේකට නමක් හිතන්න ගිහින් වැටුන අමාරුවක්...කොහොම හරි මම අන්තිමට දාපු නම තමා ඔය තියන්නෙ. මේකට ලොකු හේතුවක් ඇතුව දැම්මෙ...හැබැයි මට ඒ අදහස එක පාරට තේරුම් කරන්න අමාරුයි...සමහර විට ඒකට ටික කාලයක් යාව්. එය බලන ඔබලාම තීරණය කරත්වා...!
මෙහිදී මට සිදු වූ එක සිද්ධියක් මතක් කල යුතුයි. දවසක් යාලුවෙක් එක්ක blog ගැන කතා කරනකොට මම ඇහුවා..."මචං මේ ඇකඩමික් අස්සේ තව blog ලියන්න වෙලා තියෙනවද කියලා." මේක අහපු පොර මට කිව්වේ..."මචං මේක කරන්නේ තවත් වැඩ ගොඩ කර ගන්න නෙමේ. මේක ලියන්නෙ හිත නිදහස් කරන, ඒ වගේම වටිනා දෙයක් විදිහටයි..." කියල. ඒ කවුරුත් නෙමෙයි, අපේ ක්‍රිශාන් සහොදරයායි (අලියා). උඹ කිව්ව කතාව නම් හරි මචො, උඹට ඔය සිද්දිය අමතක උනත් මම ඒක හිතේ තියා ගෙන හිටියා. ඔන්න අද ඒක ක්‍රියාවට නැංවුවා.

ඉතින් ඔය ටික තමා ඔක්කොටම කලින් මට කියන්න තියෙන්නෙ. අදට මම නවතිමි.

5 comments:

  1. බ්ලොග්කරුවන්ගේ සමාජයට උඹව ආදරෙන් පිලි ගන්නවා තාරක(මාලුවෝ )...
    මචං......
    ඇත්තටම සතුටුයි උඹ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත එක ගැන...
    ඊටත් වඩා සතුටු මම හින්ද බ්ලොග් එකක් ලියන්න ආසාවක් ඇතිවෙලා ඒක පටන් ගත්ත එක ගැනයි මුල්ම follower මම වුන එක ගැනයි..
    උඹේ බ්ලොග් එක, එක පැත්තකට විතරක් බර වෙන්න එපා... හැම පැත්තටම බරවෙයන්..
    තමන් දාන බ්ලොග් පොස්ට් එකකට කමෙන්ට් වැටෙනකොට, බ්ලොග් එක බලන ගාන වැඩි වෙනකොට තමන්ගේ හිතට ඇතිවෙන සතුට නම් කියලා වැඩක් නෑ මචං...
    උඹත් තව ටික දවසකින් ඒ සතුට විඳියි..
    මචං...
    උඹේ බලකොටුව දැන් හුගාක් පුංචි ඇති.. එත් කැමැත්ත තියනවා නම් උඹ දක්ෂ නම් දවසක උඹට පුලුවන් වෙයි බ්ලොග් ලෝකය දිග් විජය කරන්න ...
    චිරං ජයතු තාරක මහ( මාලු ) රජතුමනි...

    ReplyDelete
  2. නියමයි. යාලුවා. දිගටම ලියන්න, මගදි නවතින්න එපා.

    ReplyDelete
  3. උඹට නමක් හිතන්න අමාරු උනානම් කියන්න එපැයි. මාළු ටැංකිය වගේ නමක් නරකද? දැන් ඉතින් බෙන්තර ගඟෙන් එහා පැත්තෙ ඉන්න එක්කෙනෙක් ගැන හිතෙන දේවල් කවි වලට හරවලා මේකෙ ලියාවි. එහෙම නේද? හරි හරි කමක් නෑ. ලියපන් අපිත් කියවලා ප්‍රතිචාරයක් දාන්නම්. ජය...

    ReplyDelete
  4. Maaluwage tankiyata magenuth suba pathum....!!

    ReplyDelete
  5. එල එල.... ඔහොම යං :D

    ReplyDelete