හැමදාමත් පොහොයට පන්සල් ගිහින් ගාථා කීම හැරුනු කොට අද දිනයේ අසන්නට ලැබුණු වැදගත් ගාථා පාඨ දෙකක් ලෙස, මෙම සටහන තබමි... ( උපුටා ගැනීම මෙතැනින්.. )
තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ප්‍රිය වග්ගය- ජේතවනාරාමයේදී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)
උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඞ්ඪති
නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක‍්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න එ් අප‍්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.
(අප්පමාද වග්ගය- වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)