Apr 24, 2010

පඬුරු දාල යන්න...

ලස්සන මාතෘකාවක් දැම්මට ලියන්නෙ නම් ආතල් ගන්න කතාවක් නොවෙයි. මේක ලියන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට...හැබැයි මෙමගින් මම කියන මේ ප්‍රශ්නය විසදේවි කියල නම් කීයට වත් හිතන්නෙ නෑ. ඒ වගේම ඔක්කොම 'එහෙයි' කියල ඔලුව වනාවි කියලත් හිතන්නෙ නෑ. කස්ටිය මේව ගැනත් ටිකක් දැනුවත් උනොත් ඒ ඇති...

සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි. කාලෙක ඉදල මට උන බාරයක් ඔප්පු කරන්න කියල සති ගානක ඉදල ගෙදරින් කියනව. campus පටන් ගත්තාම මොන බාරද කියල හිතල vacation එක ඉවර වූ දවසේ (18) ගියා පන්සලට බාරය ඔප්පු කරන්න කියල. (අදාල පන්සල හා දෙවියන් මෙතැනට අදාල නැත.)

පුරුදු විධිහටම බුදුන් වැදල ඉවර වෙලා ගියා දේවාලය ඇතුලට. එදා ඉරිදා දවසක් නිසා සෑහෙන සෙනගක් දේවාලය ඇතුලෙ හිටියා.දේවාලයේ වැඩට කපුවන් දෙතුන් දෙනෙකු සිටියත්,බාර ඔප්පු කරන වැඩ කලේ පහක් හයක් එක පාර අරගෙන. ඔන්න ඉතිං අපේ වාරයත් ආවා. අපේ බාරයත් එක්ක තවත් බාර පහක් විතර ගත්තා.

කපුවා : තමන්ගෙ වට්ටිය බලා ගන්න.
කපුවා : තම තමන්ගෙ වට්ටිය බලා ගන්න.

මමත් ඉතිං සීන් එක බලා ගෙන හිටියා මොකද වෙන්නෙ කියල.

කපුවා : '--ගාථා කිවීම ඇරබීය..'

මම නිකමට බැලුව අනික් පැත්තෙ අය දිහා. පුදුමාකාර භක්තියකින් යුතුව ඔවුන් වැද නමස්කාර කර ගෙන සිටිති.

කපුවා : "...යන සියළුම අපල රෝග දෝෂ නිවාරනය වී...දෙවිඳුගේ බලයෙන්..."

මම නැවතත් එදිරිපස වූ ඒ විශාල වූ දේව රූපය දෙස බැලුවෙමි. මේ අතර එක් වරම මගේ ඇස් නතර වූයේ එහි වූ පූජා වට්ටි දෙස හා ඒවා අතර සිර කර තිබූ පඬුරු වෙතයි.කොච්චර උනත් පන්සල හරියට නඩත්තු වෙන්නෙ මිනිස්සු දෙන මේ සල්ලි නිසානෙ.මම හරිම උපේක්ෂා සහගතව සිතුවෙමි.


කපුවා තවම තමන්ගේ කාරිය ඉවර කර නැත.ඒ අතර මට පේනව, එක් පූජා වට්ටියක තිබුණු රුපියල් සියයේ නොට්ටුවක් වැටෙන්න ඔන්නම එන්න.ඒ මොහොතෙම කපුවාගේ දේව කාරිය අවසාන විය. ඒ සමගම තවත් කපුවෙක් ඇවිත් අපේ වට්ටියේ පඬුරු ඉවත් කර මගේ අතට දුණි. මිනිහ ඊලග වට්ටියෙ පඬුරු ගන්න හදන කොට බඩු නෑ, වැටිල. මම කලින් සීන් එක දැක්කට මම වත් හිතුවෙ නෑ වැටිල තියෙයි කියල.කපුව පොඩ්ඩක් බිම බලල හෙන ගැහුව වගේ මූ කියපි,

"කෝ මේකට පඬුරු දාල නෑනේ...? " කියල.

ඌ එක කියපු කාලකණ්නි විඩිය මට තාමත් මතකයි. මුගේ තියෙන මූසල කමට ඒක ඒ මොහෙතේ ඒක කිය උනා කියමුකො. කරුමෙ කියන්නෙ අනික් වට්ටියෙත් පඬුරු තිබුනෙ නෑ. ඒ පාර මූ ටිකක් තද වෙලා වගේ කියපි,

"කෝ මේකෙත් පඩුරු දාල නෑනෙ..." කියල.

මම ටිකකට බැලුවා එතන මිනිස්සු දිහා. අනේ උන් කියන්න දෙයක් නැතුව "දැම්ම දැම්ම.." කියල කිව්ව. මොකද ඉතින් අර හාලිය වටේ ඉන්න ඔක්කොමටම ඇහෙන්නනෙ කෑ ගැහුවෙ.දැන් ඒ මිනිස්සු ආපු කාරණය හරි යයිද, අර වගේ කතා කලහම. එතකොට අර මිනිස්සුන්ට ඒ පූජා ස්ථානය ගැන හිතට යන දේ මොකක්ද?මොනවත් නෑ පන්සලේ නම කිව්වාම කඩයක් මතක් වේවි.

මට තේරෙන් නෑ ඇයි මිනිස්සු දෙවියන් ඉස්සරහ ඉද ගෙන මේ වගේ business කරන්නෙ කියන එක...? නැත්නම් දවසට සිය ගනනක් පුද පූජා කරන තැන මූ එක වට්ටියක දෙකක පඩුරු නෑ කියල ඕක කියවයිද..? අනික් අතට ඌ පඩුරු කියල හිතන් ඉන්නෙ නෝට්ටුනෙ.

සාරාංශව කිව්වොත් මම මේ දැක්ක ඇත්ත ඔබ හා බෙදා ගත්තෙ අද පූජා ස්ථාන කියන තැන් වලට වෙන්න යන දේ ගැන හිතලයි..තමන් පිරිසිදු සිතින් දෙවියන්ට පුදන දේට පඬුරු දෙනවාද නැද්ද කියන දෙය තමන්ට බාරයි.එයයි බලකොටුවේ නීතිය.මම කියන්නෙ නෑ හැම තැනක්ම මෙහෙම බව. නමුත් පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න , ඕන තරම් හොයා ගන්න පුලුවන්. මුලින්ම මේ කතාවට පන්සලේ නම අදාල නෑ කිව්වෙත් ඒකයි. මේ ලිපිය ලියන්න තවත් හේතුවක් තමයි අර සිද්ධිය අත් විදි උන්ට සාධාරණයක් ඉටු කරන්න.

ඒ වගේම උදේ සවස රූපවාහිනියට ඇවිත් සංස්කෘතිය කන පරජාතිකයන්ට බනින උගතුනි...! සංස්කෘතිය රකින තැනම සිට සංස්කෘතිය කන මේ වගේ ස්වදේශික බලවේග විනාශ කරන්න ක්‍රමයක් හදන්න.මොකද ඒක රටේ නීති යොදනවාටත් වඩා හොදින් කරන්න පුළුවන් ඔබටයි. මම එය දැක අදෝනා දුන් තවත් එක් අයෙකු පමණි.
එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ "පුද පූජා කල හැක්කේ නොට්ටුවක් තිබිය හැක්කන්ට පමනක්ද..?" යන ප්‍රශ්නය ඔබ හමුවේ තබමි...

Apr 20, 2010

ආදරයේ ඇල්ගොරිදමය...


දෙසතියකට නොඅඩු කුළුදුල් ප්‍රේමයක
ඔබත් මමත් තනි වූ ලෝකයේ...
සෑම හද ගැස්මකම...
නුඹේ නම මට සුසුමක් විය.
නමුත් ඒ බවක් නුඹ නොදැන,
නුඹ හිතින් දුක් විද,
මා නොඇමතූ වරදට,
පුරා දස පැයක් වචනයකුදු නොහලවා...
මට දුන් දඩුවමින්,
ඉගෙන ගතෙමි හොද හැටි
ආදරයේ ඇල්ගොරිදමය...