මම අද කියන්න යන්නෙ මම මගේ ජීවිතයේ සපුරා ගත් එක ඉලක්කයක් ගැන.ඒ මොකක්ද..? ඉලක්කයක් සපුරා ගත්ත කිව්වාම ගොඩක් අයට මතක් වෙන්නෙ විභාගයකින් හොදට සමත් වීම එහමත් නැත්නම් වටිනා දෙයක් මිලට ගැනීම වගේ දෙයක්. ඒත් මේක වෙනස් ආකාරයක, මා සපුරා ගත් ඉලක්කයක් වගේම ලබා ගත් වෙනස්ම අත්දැකීමක්.
ඒ තමයි කැළයක් මැද කඳවුරක් තනා ගෙන රැයක් ගත කිරීම. ඔබ මෙය දැන් කියවන කොට simple දෙයක් කියල හිතුනට , ඔබත් පොඩි කාලෙට ගියොත් මතක් වේවි...මේ වගේ දෙයකට ඔබ කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද කියල. බොහෝ අයට මේ වගේ දේවල් හීන විදිහටම තිබිල බොඳ වෙලා යනවා. අන්න ඒ නිසා තමයි මම ඉලක්කයක් සපුරා ගත්තා කියල මුලින්ම කිව්වෙ.
කතාව පටන් ගන්නෙ අපේ vacation එකෙන්. අපි කස්ටිය මේ පාර යන සෙට් උනේ දකුණු රටේ සංචාරය කරන්න. ඒ අනුව අපේ මේ කඳවුරු ගහන වැඩේ සෙට් කලේ අලියාගේ තාත්තාගේ මූලිකත්වයෙන්. ඒ අනුව අපිට කඳවුරු ගහන්න ලැබුනෙ හම්බන්තොට වෙරළ බඩ අසල කැළයක. කොහොමත් එතනට යන කොට රෑ අට විතර වෙලා ඇති.අවට පරිසරය ගැන කිව්වොත් එදා හරිම පැහැදිලි දවසක්. පහුවදා පෝය දවසක් නිසා, හඳ එලිය වැටුණු මුහුදු රැල්ල හොදට පේනව.Camping වලට කියාපු දවස. වෙරළ තීරයට පිටින් තිබ්බෙ ඝණ කැළෑව සමඟ කටු පදුරු. ඒ හරියෙ වෙරළ විශේෂයන් වෙන් කරල තිබුනෙ කැස්බෑවන්ට බිත්තර දැමීම සදහායි.
අපේ කස්ටියට හිටියෙ අලියා,හුරේ,මරා,ගැමා,ජින්තු,අත්තා,ලකයා,පුස්සා,කලියා,ඔකා සහ මම. ගිහිල්ල තියන සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මම එහෙම කිව්වෙ මොකද කියනව නම්, මේ වගේ දෙයක් කරන කොට ඕන දේකට ready කස්ටියක් ඉන්න ඕනෙ.මොකද සමහර අය ඉන්නව මේ වගේ දෙවල් වලට එච්චරම කැමති නැති අය.
ඔක්කොටම කලින් වැඩේ උනේ ගිණි මැලය ගහන එක.කස්ටියක් ඒකට දර හොයන අතර තුර තවත් කස්ටියක් ආහාර පාන ආදිය පිළියල කිරීමට සූදානම් උනා. දර වලට ගන්න තිබුනෙ කටු ගස් නිසා වැඩේ ලේසි උනේ නෑ.ඒ මදිවට කරුවලේම විදුලි පන්දම් එළියෙන් දර හොයන එක ලේසි උනේ නෑ.ඒ වගේම වෙරළ ආසන්නයේ මේ වගේ වැඩක් කරන කොට වැලි පොළගා වගේ සර්පයන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ.ගිණි මැලය ගැසීමටත් කලාවක් තියනවා.අපි නම් කලේ විශාල කොටයක් හොයා ගෙන ඊට උඩින් දර දාපු එක. එවිට දිගු කාලයක් දර මැලය ස්ථාවරව පවතිනවා.ඒ වගේම රෑ තිස්සේ ඇති වෙන්න දර හොයා ගන්න ඕනෙ. මැලය පත්තු කරල ඒක වටේට මුහුදු හුලං වැදි වැදී ඉන්කොට පුදුමාකාර හැගීමක් හිතට එනවා. මොකද ගෙදරට වෙලා හිටිය නම් ඇදට වෙලා නිදා ගන්නව ඇරෙන්න මහ රෑ මොන මුහුදු හුලංද..?
ඔක්කොම හිතන් හිටපු විදිහටම උනත් මාළු පුච්චන වැඩේ නම් එච්චර ලෙසි උනේ නෑ. හොදට පිච්චෙන්නත් ඕනෙ හැබැයි කර වෙන්නත් බෑ. ගිණි මැලය ගහල කෑම උයල මේ වැඩ ටික කරල ඉවර වෙන කොට රෑ දහය පහු උනා. ඊට පස්සෙ තමයි කට්ටිය වෙරළේ සෙල්ලමට පිටත් උනේ.
මට එදා දවස කියන්න බැරි තරම් නිදහස් දවසක්. පුදුම සැහැල්ලුවක්. ඒ නිදහස මට වගේම ගිය කාටත් හොද හැටි දැනුනා. ඒක හොද හැටි ඔප්පු උනේ මරා නිසා තමයි. මොකෝ අපි මුහුදු වැල්ලට වෙලා ඉන්න කොට මරාගෙ ලකුනක් වත් නෑ. ගිණි මැලය පැත්තෙත් මිනිහ පේන්න නෑ. කවුද දන්නෙ මිනිහට මොනව උනාද කියල. අන්තිමට බලන කොට මිනිහ වැල් ඇදක් හොයා ගෙන handfree එකත් කනේ ගහ ගෙන හොද හැටි නිදි.අපි කස්ටියම කිහිප වරක්ම රැල්ල පාගන්නත් ගියා. හැබැයි එදා රැල්ල ටිකක් සැරයි. ඒ වගේම කරුවලේ මුහුදු රැල්ල කකුලේ දැවටෙන කොට අමුතු භයකුත් හිතට නොදැනෙනා නොවෙයි.. ;-)
මෙහෙම ඉන්න අතරදි රෑ දොළහට විතර සිංදුවක් එහෙම කියා ගෙන ඉන්න කොට අපි ගාවට ආව අමුතුම සත්තු තුන් දෙනෙක්. මම නම් උන්ව කලින් දැකල තිබුනෙ නෑ. මොකද කියනව නම් උන් ඇවිල්ලා කකුල් දෙකේ ජාතියෙ. හැබැයි අපේ ජින්තුව උන්ට හොද නමකුත් එවෙලෙම දැම්මා. කස්ටියට දැන ගන්න ඕනෙ නම් මිනිහගෙන් අහන්න.මේ වෙලාවේදී කස්ටිය ටිකක් සද්ද නැතුව හිටියෙ මොකද වෙන්නෙ කියල බලාගෙන. මොනව උනත් පිට පලාතක්නෙ. අහල පහල එකෙක් කියල හිටියෙ අලිය විතරයි.මේ නිහැඩියාව බිඳ දැමුවෙ අපේ පානදුරේ වීරය. Trip එක යන්න කලින් ඉදලම ගැමුණුව plan කර ගෙන හිටියෙ මොකක් හරි වීර කමක් කරන්න. මිනිහට එවෙලෙ ඒක මතක් වෙලාද කොහෙද එකපාරටම පැනපි ඉස්සරහට...ගැමාගෙ මේ චන්ඩි කමට භය වුන උන් ආයිත් කැළට වැදුනා.
පස්සෙ පාන්දර වෙන කොට කට්ටියම නින්දට වැටුණා. ඒ අතරෙදි මමයි, ගැමයි, ජින්තුයි පැදුරකුත් අරන් ගියා මුහුදු වැල්ලට තවත් රැල්ල දිහා බලන් ඉන්න. ඒ අතරට ලකයයි , කලියයි සෙට් උනේ උණුම උණු සුප් කෝප්ප හතරකුත් එක්ක. එකත් හිමින් හිමින් රස බලල වැල්ලේම වැතිරුණා. මම කල්පනා කළා. දිගටම...ගොඩක් දේවල්...මොකද ඒ වගේ දවසක මට නිදා ගන්න ලෝභ හිතුනා.පාන්දර හතර විතර වෙනකම් මම ඇහැරිල හිටිය මට මතක තරමට.
ආපහු පහට විතර නැගිටුනේ අපිව ආපහු ගෙන යන්න වාහනය ආපු නිසා. ඒ නැගිටින කොට මම මීට කලින් සැබැවින් දැක නැති මනරම් දර්ශනයක් දුටුවා...කලින් දින මසුන් ඇල්ලීමට නික්මුනු පොඩි පොඩි බෝට්ටු ගොඩක් ආපහු ගොඩ බිම බලා එනවා. හරියට මුහුදෙ පා කරපු පහන් ගොඩක් වගේ. හැම බොට්ටුවකම එලිය දැල් වූ පහනක් බැගින් තිබුනා...ඉතින් අන්තිමට ඒ සුන්දර අත්දැකීම හිතේ රදවා ගෙන කස්ටියම ආපසු ගමන් පියමැන්නා...
මම මේ අත්දැකීම ඔබ හා බෙදා ගත්තේ ඉන් ලැබෙන තෘප්තිය වචනයෙන් කියා නිම කල නොහැකි නිසාවෙනි. ඒ වගේම මෙය කියවීමෙන් ඔබත් මෙවැනි නිදහසක් බුක්ති විදීමට ඇලුම් වී නම්, අන්න එතැන මේ ලිපිය සාර්ථකත්වයට පත් වේවි.නමුත් මා කලින් කිව්වා සේම මේ වගේ දෙයක් කිරීම නම් කලින්ම හොද සැලැස්මක් තිබෙන්න ඕනෙ. ඒ වගේම මුහුදු වෙරළක් අසල කඳවුරු තැනීමෙන්, වැඩි රසස්වාදයක් බුක්ති විඳ හැකි බවයි මගේ විස්වාසය. ඒ වගේම, මෙවැනි කටයුත්තක දී ඒ අවට ස්වභාවධර්මයාට හානි නොකිරීමත්, ස්වං වගකීමෙන් හැසිරීමත් අනිවාර්ය වේ.