May 15, 2015

Lat's Play with OpenGL - 1

OpenGL Introduction

OpenGL is graphic library for cross platform 3D graphics. This is same as Direct3D in directx library. There are many tutorials and example videos to learn OpenGL. In this post I am trying to make a short note to cover up most import points, I have learnt. 

Glut 

Glut is tool for creating windows and handling inputs. Use FreeGlut pre build libs for your projects. 

Glew

This is openGL extension manager and lat us easily call openGL extensions without having declare DLL entry points.


May 10, 2015

Problem with Visual Studio Immediate Exit ?

Hello,

I have faced this problem many times. Specially in visual C++ programming.
Here, few things we can to avoid this issue.

  1. Simple, cool way is press CTRL + F5. This is also known Debug-> Start without debugging.
  2. Add  system("pause"); at the end of your code.
  3. This is also mentioned in many places over the web. Somehow I tested this on my Visual C++ console application and it wasn't work for me. I am leaving this to you for trying out...            
properties -> configuration proprieties -> linker -> system
select CONSOLE(/SUBSYSTEM:CONSOLE) in subsystem option.

Also I have seen added logically correct coding tips end of the code. But according to me those looks like unprofessional !

while(1) { }
cin.get();
for(;;) ;
std::getchar();



Jul 31, 2014

එය මෙසේ සිදු විය යුතුය



මහමෙරක් වන් නුබේ වෙනස,
සීමා මායිම් නොමැතිව,
දරා ගත නොහැකි තැන,

ඉතිරි වූ එකම විසදුම,
කියා ගත නොහැකි සෙනෙහසින් බැඳී වූ,
අපම හමු වී සිනා සුනු තැන්,
හැර යාම පමණි.



විටින් විට, හරි පරිස්සමට,
එහෙව් සෙනෙහස් සිතක් මරමින්,
නුඹ පන දුන් සැකය හා යහළු, කේන්ති සිත,

තව දුරටත් දළු නොලියන නමුදු,
එලෙසම පවතීවි.

නුඹ කෙරෙහි, නුබේ සිත නොරිදවීමෙහි,
මගේ සැලකීම කොතරම්ද නම්,
අදටත්, මේ මොහොතෙත්,
නුඹ බලයෙන් පන දුන් ඒ හිතට,
පෙර තිබූ සෙනෙහසින් බැඳි සිත,
යට කර පාගා දැමිය නොහැක.

මට නුඹ ගැන දුකය.
වෙලාවකට හැගීම් නුඹ හට විහිලුවක් බව දැනෙනා විට,
මට මම ගැනම දුකය.
එහෙත් නුඹ අසවලුන් සමග ගනු දෙනු කර,
මටත් නොකියාම, නුඹ තනිවම වේදනා සිතක අතරමං වන විට,
මට මම ගැනත්, නුඹ ගැනත් දුකය.

මේවා මම කළ වැරදිය,
නුඹ මගේ හිතට සමීප කර ගත්තා වැඩිය,
ඉවසුවා වැඩිය,
එතරම් රිදුනේ ඒ නිසාය,,,

මම නුඹව හැර යමි.
නුඹටත් මටත් අතීතයටවත් නැති කලක් හැර දමමින් යන්නට යමි.
ඒ නුඹ හට රිදුනාද කියා සොයා බැලීමට නොව,
තව දුරටත් හිත් මරා දමනු හා විදවන රිදුම් දැකීමට නොහැකි බැවිනි.

නුමුදු කතාව අහවර නැත,
නැවත නැවතත් ඉතිහාසය ලියවෙන බව මම දනිමි,
ඒ දවස අද හෝ හෙට නොවන බවද මම දනිමි,,,
කවදා හෝ අපි හමු වේවි.
දොඩමළු වේවි...
කිසිවක් නොවූ ගානට හිනා වේවි...
ඒ අතරම, නුඹටත් හොරෙන් නුඹේ හිතට දැනේවි,
දුටුවාට නුඹ හා සිනා සී මේ දොඩමළු වන්නේ,
නුබේ හිතට සමීප වූ සහෝදර සෙනෙහි හිත නොවන බවට...

එහෙත් මම කළ එකම වරද,
නුඹ විසින් මරා දැමූ ඒ සෙනෙහස් සිත,
නිසි ලෙස මිහිදන් කර සැනසවීම පමණි!

Jul 5, 2014

දෙවියන් මැරීම :: අසාධාරණ හා ආත්මාර්ථකාමී මිනිස් සිත

ඒ 2007, මම AL කරල නිදහසේ ගෙවන කාලය. කඩ්ඩ හදා ගන්න කියල තිබිරිගස්යායේ කඩු ක්ලාස් ගිය කාලය. මට ඒ ක්ලාස් එකේදී සෙට් උනා යාළුවෙක්, සිත්තරෙක්, ඒ වගේම ඌ කළාකරුවෙක්. වෙනස් අදහස් තියෙන සංවාදයට කැමති පුද්ගලයෙක්. හැමදාම ක්ලාස් ඉවර වෙලා පාර එහා පැත්තේ තියෙන කඩයට රිංගල සිගරට් එකක් උරන ගමන් මොකක් හරි දෙයක් ලොකුම ලොකු කරල, සාහිතය එක්ක කියවන එක තමයි මුගේ එකම සතුට. තිබුන යාළුකම වැඩි නිසාම උබේ සමාජවාදී හිතට ඕන උනේ හැම තිස්සෙම ගණිත තර්ක දාන මාව ටිකක් වෙනස් කරන්නෙ. :P
ඒත් උඹ කියපු කතා හිනාවක් දා ගෙන අහන් ඉන්නවට වඩා මට උඹ කියනවන තරමටම අහන් ඉදීමේ උවමනාවක් ඒ දවස් වල තිබුනේ නෑ, විහිළුවක් කරල 'එහෙම වෙන්නත් බෑ නේද මචං ?' කියල ඇහුවට. ;-)

මට තාමත් මතකයි, ඒදාත් මොකක්දෝ සිංහළ පොතක් දිග ඇරගෙන මට 'දෙවියන් මැරීම' ගැන වචනයෙන් වචනය කියල දුන්නු අපූරුව. උඹ මගේ අවධානය බිඳෙන කොට, ආයිත් පේළිය මුලින්ම පටන් අරන් කියල දුන්නා. කොච්චර කලක් ගියාද...උඹ එදා මොන ගැඹුරු තේරුමකින් මේ දෙය කියල දුන්නද කියන්න මම තාමත් දන්නේ නෑ. මේ දෙය උඹ එදා හුගාක් උවමනාවෙන් කියවපු හෙතුවත්, මෙහි මුල් රචකන් මේ වගේ නිමිත්තක් වචන කරන්න හේතුවත් මම දන්නේ නෑ. ඒ වගේම මේ දේවල් කතා කරපු තර්ක කරපු කාලයත් දැන් අපෙන් ඈත් වෙලා. ඒත් මට හිතෙනව මේ දේවල් නිකම්ම අහක දමිය යුතු දේවල නොවන බව. උඹ එදා ගත්තු උත්සහය අපතේ ගියෙ නෑ මචං....




















බුද්ධිය මිත‍්‍රයෙකැයි සිතු මම,
දිනක් මග රැක සිට
මගේ දෙවියන් මරා හෙලීමි.
දැවැන්තයකු වන බුද්ධිය,
අඳුරෙහි මහ අඩි තබමින්,
මා පිටි පසින් එනු මට ඇසෙයි...


එහෙත් දෙවියන් සිටි කල මෙන්, 
දැන් මට සැක හැර ගමන් කළ නොහැක.
මා වැටුණු කල, දැන් දෙවියන් නැති හෙයින්,
මමම නැඟී සිටිය යුතු ය...


යළිත් දෙවියන් සොයා ගිය මට,
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර,
මඟ අසල නුග ගස යට තිබී සම්බ විය..


ස්වාමීනි...! 
යළිත් නැඟී සිට මා හා පෙර මෙන්,
එනු මැනවයි මම කීමි...
උන්වහන්සේ යළි නැඟී නොසිටින්නේ,,
බුද්ධිය තම දත් දෙපළ පෙන්නා විලිස්සමින්,
මා පිටිපස සිටින හෙයින් බව මම දනිමි....!


"එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය,
-ඔහු මා අතහැර නොයයි -"


දෙවියන් මැරීම,
-ජී බී සේනානායක-

Apr 14, 2014

Spartacu's Last Words














"Spartacus"
That is not my name.
I shall finally hear it again,
Given voice by my loving wife.
in greeting longed for..

There is no greater victory,
Than to fall from this world..
A Free Man!


Feb 14, 2014

නවම් මස පොහොය දින


හැමදාමත් පොහොයට පන්සල් ගිහින් ගාථා කීම හැරුනු කොට අද දිනයේ අසන්නට ලැබුණු වැදගත් ගාථා පාඨ දෙකක් ලෙස, මෙම සටහන තබමි... ( උපුටා ගැනීම මෙතැනින්.. )



තණ්හාය ජායතී සෝකෝ – තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං
තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
                            (ප්‍රිය වග්ගය- ජේතවනාරාමයේදී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි ෴)

උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ

සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඞ්ඪති
නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක‍්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න එ් අප‍්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.
(අප්පමාද වග්ගය- වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි ෴)


Dec 27, 2013

පිපාසයෝ...?















ඉමක් කොනක් නොපෙනෙන
ඉඩෝරයට කර උන පොළොවක
මිරිගුවක් පසු පස දුවන
පිපාසිත මුව රැල…

අද ෆුල් ජොලියේ ජොබ් ගැන පුරසාරම් බාන උඹලා,
හෙට එම්.එස්.සී එකක් කරල රට සල්ලි වලින් පඩි ගන්න හදනවා…
අනිද්දා පී.එච්.ඩී එකක් දාල ලෙක්චර් වෙන්න හදනවා…
සිකුරාදාට කියනවා,
මේ පාළුව යන්නත් එක්ක බැඳල අවෝසම් උනා නම් නියමයි කියල...
සෙනසුරාදාට තමයි හොදම එක,
එදාට කියන්නෙ බොන එක තරම් වෙන ෆන් කොහේද කියල...

මේව ඔක්කොමත් හරි,
නිකමට…
උඹලට ඇත්තටම ඕනෙ මොනවද කියල ඇහුවොත්...?...

උඹල දුව දුව හොයනවා
උඹලට තියෙන පිපාසයට වඩා...
උඹලට පිපාසයක් වෙලා තියෙන්නෙ අනිත් උන්ගෙ පිපාසය.

උඹලත් එක්ක ඉන්න මම
මේ දේවල් ගලප ගන්න බැරුව
බලන් ඉන්නවා නතර වෙලා
උඹලගෙන් දිනන්නේ කවුද කියල.
උපේක්ෂාවෙන්...
හැබැයි නතර වෙලා ඉන්න මට,
මම ඇත්තටම පිපාසෙන් කියල තේරුන දවසට...[…]