Dec 19, 2020

අතීතය...

අතීත මතකන්  හොදයි කියල එවගේ ජීවත් වෙන්න තරම් ලෝභ හිතෙන්නෙ කලාතුරකින්..

එක්කො වැටෙන්නම බොන්න ඕනි.

නැති නම් ජීවිතේ එපා වෙන තරම ප්‍රශ්ණ තියෙන්න ඕනි.

ඔය හේතු දෙකම නැතිව අතීතයෙ ගිහින් ජීවත් වෙන්න කාලය ඕනි තරම් මේ 2020 අවුරුද්දෙ ලැබුන. 

අපි ගැම්මට ඉදපු කාලේ,

තනියෙන් මොනව බැරි උනත් එකතු වෙලා ඕනිම දෙයක් කරපු කාලේ, 

කටට ආපු ඕනි දෙයක් වැඩිය හිතන්නෙ නැතුව කියල දාන්න පුලුවන් කාලේ, 

ඒ නිදහස, ඒ හිනහව,

එකා අනිකා ගැන හිතපු කාලෙ !! 

කාලය මොන තරම් වෙනස් වෙලාද කියනව නම්, උන් දන්නව නම් මේ අතීත කාමය ගැන අහවි "උඹට වෙන වැඩ නැද්ද?" කියල.

ජීවිතේ දැනට දුක සැප ගෙවාගෙන කෝටත් ඉන්න උන් දන්නව නම් මේ ගැන අහවි "තමුසෙට පිස්සුද?" කියල.

ඒ කාලෙ දන්නව නම් ආයි කවදාවත් එහෙම කාලයක් එන්නෙ නෑ කියල, වෙන්වෙන්න කලින් තවත් මොහොතක් ගත කරනව.. 

ආදරෙයි ඒ මිනිස්සුන්ට සහ පරිසරයට. 

හරිම ලෝභයි ඒ මතකයන් වලට. 

කොච්චර ආදරෙයිද කියනව නම්, මම පතන්නේම උඹලා ආයි මට මේ ජීවිතේ නම් මුන ගැහෙන්න එපා කියල. 

ඕනි නෑ ඒ සුන්දර මතක උඹල නිසාම අවලංගු කර ගන්න.

උඹලා ඒ කාලේ විදිහටම අව්‍යාජව මතකයන් වලම ඒ විදිහට හිටපුවාවෙ, 

මම පුලුවන් වෙලාවක ගිහින් බලල එන්නම්.

වෙනස් වීම් හැර මේ ලෝකේ වෙන කිසිම දෙයක් වෙනස් නොවන නිසාම..!!



No comments:

Post a Comment