Showing posts with label මම දකින හැටි.... Show all posts
Showing posts with label මම දකින හැටි.... Show all posts

Jul 5, 2014

දෙවියන් මැරීම :: අසාධාරණ හා ආත්මාර්ථකාමී මිනිස් සිත

ඒ 2007, මම AL කරල නිදහසේ ගෙවන කාලය. කඩ්ඩ හදා ගන්න කියල තිබිරිගස්යායේ කඩු ක්ලාස් ගිය කාලය. මට ඒ ක්ලාස් එකේදී සෙට් උනා යාළුවෙක්, සිත්තරෙක්, ඒ වගේම ඌ කළාකරුවෙක්. වෙනස් අදහස් තියෙන සංවාදයට කැමති පුද්ගලයෙක්. හැමදාම ක්ලාස් ඉවර වෙලා පාර එහා පැත්තේ තියෙන කඩයට රිංගල සිගරට් එකක් උරන ගමන් මොකක් හරි දෙයක් ලොකුම ලොකු කරල, සාහිතය එක්ක කියවන එක තමයි මුගේ එකම සතුට. තිබුන යාළුකම වැඩි නිසාම උබේ සමාජවාදී හිතට ඕන උනේ හැම තිස්සෙම ගණිත තර්ක දාන මාව ටිකක් වෙනස් කරන්නෙ. :P
ඒත් උඹ කියපු කතා හිනාවක් දා ගෙන අහන් ඉන්නවට වඩා මට උඹ කියනවන තරමටම අහන් ඉදීමේ උවමනාවක් ඒ දවස් වල තිබුනේ නෑ, විහිළුවක් කරල 'එහෙම වෙන්නත් බෑ නේද මචං ?' කියල ඇහුවට. ;-)

මට තාමත් මතකයි, ඒදාත් මොකක්දෝ සිංහළ පොතක් දිග ඇරගෙන මට 'දෙවියන් මැරීම' ගැන වචනයෙන් වචනය කියල දුන්නු අපූරුව. උඹ මගේ අවධානය බිඳෙන කොට, ආයිත් පේළිය මුලින්ම පටන් අරන් කියල දුන්නා. කොච්චර කලක් ගියාද...උඹ එදා මොන ගැඹුරු තේරුමකින් මේ දෙය කියල දුන්නද කියන්න මම තාමත් දන්නේ නෑ. මේ දෙය උඹ එදා හුගාක් උවමනාවෙන් කියවපු හෙතුවත්, මෙහි මුල් රචකන් මේ වගේ නිමිත්තක් වචන කරන්න හේතුවත් මම දන්නේ නෑ. ඒ වගේම මේ දේවල් කතා කරපු තර්ක කරපු කාලයත් දැන් අපෙන් ඈත් වෙලා. ඒත් මට හිතෙනව මේ දේවල් නිකම්ම අහක දමිය යුතු දේවල නොවන බව. උඹ එදා ගත්තු උත්සහය අපතේ ගියෙ නෑ මචං....




















බුද්ධිය මිත‍්‍රයෙකැයි සිතු මම,
දිනක් මග රැක සිට
මගේ දෙවියන් මරා හෙලීමි.
දැවැන්තයකු වන බුද්ධිය,
අඳුරෙහි මහ අඩි තබමින්,
මා පිටි පසින් එනු මට ඇසෙයි...


එහෙත් දෙවියන් සිටි කල මෙන්, 
දැන් මට සැක හැර ගමන් කළ නොහැක.
මා වැටුණු කල, දැන් දෙවියන් නැති හෙයින්,
මමම නැඟී සිටිය යුතු ය...


යළිත් දෙවියන් සොයා ගිය මට,
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර,
මඟ අසල නුග ගස යට තිබී සම්බ විය..


ස්වාමීනි...! 
යළිත් නැඟී සිට මා හා පෙර මෙන්,
එනු මැනවයි මම කීමි...
උන්වහන්සේ යළි නැඟී නොසිටින්නේ,,
බුද්ධිය තම දත් දෙපළ පෙන්නා විලිස්සමින්,
මා පිටිපස සිටින හෙයින් බව මම දනිමි....!


"එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය,
-ඔහු මා අතහැර නොයයි -"


දෙවියන් මැරීම,
-ජී බී සේනානායක-

Dec 27, 2013

පිපාසයෝ...?















ඉමක් කොනක් නොපෙනෙන
ඉඩෝරයට කර උන පොළොවක
මිරිගුවක් පසු පස දුවන
පිපාසිත මුව රැල…

අද ෆුල් ජොලියේ ජොබ් ගැන පුරසාරම් බාන උඹලා,
හෙට එම්.එස්.සී එකක් කරල රට සල්ලි වලින් පඩි ගන්න හදනවා…
අනිද්දා පී.එච්.ඩී එකක් දාල ලෙක්චර් වෙන්න හදනවා…
සිකුරාදාට කියනවා,
මේ පාළුව යන්නත් එක්ක බැඳල අවෝසම් උනා නම් නියමයි කියල...
සෙනසුරාදාට තමයි හොදම එක,
එදාට කියන්නෙ බොන එක තරම් වෙන ෆන් කොහේද කියල...

මේව ඔක්කොමත් හරි,
නිකමට…
උඹලට ඇත්තටම ඕනෙ මොනවද කියල ඇහුවොත්...?...

උඹල දුව දුව හොයනවා
උඹලට තියෙන පිපාසයට වඩා...
උඹලට පිපාසයක් වෙලා තියෙන්නෙ අනිත් උන්ගෙ පිපාසය.

උඹලත් එක්ක ඉන්න මම
මේ දේවල් ගලප ගන්න බැරුව
බලන් ඉන්නවා නතර වෙලා
උඹලගෙන් දිනන්නේ කවුද කියල.
උපේක්ෂාවෙන්...
හැබැයි නතර වෙලා ඉන්න මට,
මම ඇත්තටම පිපාසෙන් කියල තේරුන දවසට...[…]

Aug 23, 2010

බලකොටුවේ අවසන් රාත්‍රිය...!

" සම්ප්‍රයෝගයට හේතු වන විප්‍රයෝගයක් "


බලකොටුවේ වටා රොක් වුණු නයිට් වරුණි,
රැස්ව සිටින සභිකයණි,
හදිසියේ පළකල නූලත දැක ඒ උඩ කොටා පැමිණියාට ස්තූතියි...!
කනගාටුන් වුනත් කියන්න තියෙනව දෙයක්,
උඹලා හැමෝටම...
අද තමයි බලකොටුවෙ අන්තිම දවස...

හිටිව් හිටිව්,
එහෙව් කියපු මාව දාල දුවන්න එපා බොලව්...
බලකොටුවේ අන්තිම රත්‍රිය කියන්නෙ,
බලකොටුව නටබුන් වෙන දවස නෙමෙයි...

පොඩි වෙනසක් කරන්න සිද්ද වුනා...
ඇත්තටම මේ වෙනස විශේෂ කෙනෙක්ගේ ඉල්ලීමක්,
ඔව්...අහක දාන්න බැරි තරමටම,
මගේ තමයි වරද,
මම නිකමට බලකොටුව පෙන්නුවෙ,
කව්ද දෙවියනේ දන්නෙ ඒ නිසා මෙච්චර වෙනසක් වේවි කියල...
"බලකොටුව" හරි මදිලු,
වෙනස් කරන්නලු,
හැබැයි මට හිතෙන්නෙ ඒක ලස්සන වෙනසක් වේවි...

එහෙනම් හමුවෙමු,
මෙතැන් සිට,
දෙදිනක් ගිය තැන...
"සයිබර් අවකාශය සිත්තම් කරන"
සැබෑ වෙනසක් කරන්න,
උඹලාගෙන් අවසර...
හිතනව,
උඹලා මාව දාල නොයාවීයි කියා...!

Jul 21, 2010

අඳුරෙන් එළියට...


"කොහොම හරි මේක කියවන උඹ හිතල බලපන් ඔය ඉන්නෙ උඹමද කියල. ඔව් ඔව් උඹගෙන් තමයි මම අහන්නෙ.වෙන කව්ද ඉතින් ඔතන ඉන්නෙ...? මේක කියවන්නෙ උඹේ උඩු හිතනෙ.වෙන කවුද...? පොඩ්ඩක් එබිල බලපන් උබේ යටි හිතට...දැක්කද...? අන්න ඌ තමයි උඹ....විස්වාස නැද්ද...? පොඩ්ඩක් හිතල බලපන්. උඹ කැමති හැම දේම,උඹේ ඉලක්ක, උඹේ ආශාවල් ඉටු කර ගන්නා තැනට උඹව මෙහෙය වන එකා, තමයි ඌ.
වුවමනා කිමෙක්ද යන්න, උඹ ලෝකය හමුවේ විදහා දක්වන ආත්මය නොව උඹේ යථාර්ත ආත්මය දන්නේය...
එතකොට කව්ද මේ උඩු හිත. ආ ඌ තමයි ඒ අරමණු ඉටු කර ගන්න කම් උඹව මේ සමාජයෙන් බේර ගෙන ඉන එකා.මොකද උඹේ යටි හිත උඩු හිත මෙන් ක්‍රියා කලොත් දැනටමත් උඹ මේ සමාජයට වැරදිකාරයෙක්.ඒක නිසා උඹ උදේ නැගිට්ට වෙලේ ඉදල ලෝකයා ඉදිරියේ රගපාන අතර තුර උඹේ යටි හිතේ තියෙන ආශාවල්, අරමුණු,ඉලක්ක මුදුන් පමුණුවාලන්න කරුණු හොයනවා.
හැබැයි මේක කියවලා මගේ ඇගට ගොඩ වෙන්න කලින් හිතල බලපල්ලා...මම කිව්වෙ බොරුද කියල. මොකද උඹ මට බැන වැද මගේ ඇගට ගොඩ වදින්නට හිතෙනවා නම් ඒකත් උඹේ යටි හිතින් උඹ ලවා කරවන දෙයක්.මොකද මේ වගේ දෙයක් කියවීමත් උඹේ යටි හිතට පාඩුවක් බව ඌ දන්නවා.මොකද ඌ බයයි...උඹ කවදා හෝ උඹ යථාර්තය තේරුම් කර ගෙන උඹ උඹේම යටි හිත උඹේම උඩු හිත සමග අභිසරණය කරාවි කියා...මොකද උඹ බැරි වෙලාවත් ඒ දෙය කලොත්...උඹට තව දුරටත් බොරු කියන්න,රගපාන්න ඕන වෙන්නෙ නෑ...මොකද දැන් උඹ උඹවම රවට් ගන්න එකෙකු නොවෙයි...උඹ ගත කරන්නෙ සැකයෙන් තොර ප්‍රීතිමත් ජීවිතයක්...මොකද උඹ දැන් කරන්නේ උඹේ යටි හිතට ඕනෑ කරන දේ නොව උඹ විසින් ධාර්මිකව උඹේ දියුණුවට අවැසි දෙය පමණි...

ඔව් ඒ දෙය වෙනව...කවදා හරි වෙනව...කවදද..? උඹටම උඹ ගාව ඔය තියෙන ආත්ම වංචාව එපා උන දවසට....මොකද උඹ දුවල දුවල අන්තිමට හති වැටන්නෙ, මේ යටි හිත උඩු හිත සමග කරන වංචාව තව දුරටත් කරන්න බැරි තරමට වෙදනාකාරී උනහම.හරියට අපි වයසට යන කොට ටිකක් වැදියෙන් පිනට දමට නැඹුරු වෙන්නව වගේ...එහෙම නේද..?..."

ගොඩක් කාලයකට පස්සෙ බලකොටුවට ගොඩ වැදුනා. මම හිතන්නෙ තෙමසක් පමණ වූ පටට් ඇකකට පස්සෙ තමයි බලකොටුව පැත්තෙ එන්න ලැබුනෙ. එතින් නිමාඩු පාඩුවෙ එන්න අතර තුර මනෝ විද්‍යාව ගැන ලියැවුණු පොතක් හම්බුනා කියවන්න. ඒකෙ තිබුණා වැදගත් යැයි කිය හැකි දෙයක් තිබුණු නිසා කට්ටියටම දැන ගන්න මට තෙරුම් ගත හැකි වූ ආකාරයට එහි සාරංශයක් බලකොටුවෙ සටහන් අතරට එකතු කරන්න හිතුනා...

Apr 24, 2010

පඬුරු දාල යන්න...

ලස්සන මාතෘකාවක් දැම්මට ලියන්නෙ නම් ආතල් ගන්න කතාවක් නොවෙයි. මේක ලියන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට...හැබැයි මෙමගින් මම කියන මේ ප්‍රශ්නය විසදේවි කියල නම් කීයට වත් හිතන්නෙ නෑ. ඒ වගේම ඔක්කොම 'එහෙයි' කියල ඔලුව වනාවි කියලත් හිතන්නෙ නෑ. කස්ටිය මේව ගැනත් ටිකක් දැනුවත් උනොත් ඒ ඇති...

සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි. කාලෙක ඉදල මට උන බාරයක් ඔප්පු කරන්න කියල සති ගානක ඉදල ගෙදරින් කියනව. campus පටන් ගත්තාම මොන බාරද කියල හිතල vacation එක ඉවර වූ දවසේ (18) ගියා පන්සලට බාරය ඔප්පු කරන්න කියල. (අදාල පන්සල හා දෙවියන් මෙතැනට අදාල නැත.)

පුරුදු විධිහටම බුදුන් වැදල ඉවර වෙලා ගියා දේවාලය ඇතුලට. එදා ඉරිදා දවසක් නිසා සෑහෙන සෙනගක් දේවාලය ඇතුලෙ හිටියා.දේවාලයේ වැඩට කපුවන් දෙතුන් දෙනෙකු සිටියත්,බාර ඔප්පු කරන වැඩ කලේ පහක් හයක් එක පාර අරගෙන. ඔන්න ඉතිං අපේ වාරයත් ආවා. අපේ බාරයත් එක්ක තවත් බාර පහක් විතර ගත්තා.

කපුවා : තමන්ගෙ වට්ටිය බලා ගන්න.
කපුවා : තම තමන්ගෙ වට්ටිය බලා ගන්න.

මමත් ඉතිං සීන් එක බලා ගෙන හිටියා මොකද වෙන්නෙ කියල.

කපුවා : '--ගාථා කිවීම ඇරබීය..'

මම නිකමට බැලුව අනික් පැත්තෙ අය දිහා. පුදුමාකාර භක්තියකින් යුතුව ඔවුන් වැද නමස්කාර කර ගෙන සිටිති.

කපුවා : "...යන සියළුම අපල රෝග දෝෂ නිවාරනය වී...දෙවිඳුගේ බලයෙන්..."

මම නැවතත් එදිරිපස වූ ඒ විශාල වූ දේව රූපය දෙස බැලුවෙමි. මේ අතර එක් වරම මගේ ඇස් නතර වූයේ එහි වූ පූජා වට්ටි දෙස හා ඒවා අතර සිර කර තිබූ පඬුරු වෙතයි.කොච්චර උනත් පන්සල හරියට නඩත්තු වෙන්නෙ මිනිස්සු දෙන මේ සල්ලි නිසානෙ.මම හරිම උපේක්ෂා සහගතව සිතුවෙමි.


කපුවා තවම තමන්ගේ කාරිය ඉවර කර නැත.ඒ අතර මට පේනව, එක් පූජා වට්ටියක තිබුණු රුපියල් සියයේ නොට්ටුවක් වැටෙන්න ඔන්නම එන්න.ඒ මොහොතෙම කපුවාගේ දේව කාරිය අවසාන විය. ඒ සමගම තවත් කපුවෙක් ඇවිත් අපේ වට්ටියේ පඬුරු ඉවත් කර මගේ අතට දුණි. මිනිහ ඊලග වට්ටියෙ පඬුරු ගන්න හදන කොට බඩු නෑ, වැටිල. මම කලින් සීන් එක දැක්කට මම වත් හිතුවෙ නෑ වැටිල තියෙයි කියල.කපුව පොඩ්ඩක් බිම බලල හෙන ගැහුව වගේ මූ කියපි,

"කෝ මේකට පඬුරු දාල නෑනේ...? " කියල.

ඌ එක කියපු කාලකණ්නි විඩිය මට තාමත් මතකයි. මුගේ තියෙන මූසල කමට ඒක ඒ මොහෙතේ ඒක කිය උනා කියමුකො. කරුමෙ කියන්නෙ අනික් වට්ටියෙත් පඬුරු තිබුනෙ නෑ. ඒ පාර මූ ටිකක් තද වෙලා වගේ කියපි,

"කෝ මේකෙත් පඩුරු දාල නෑනෙ..." කියල.

මම ටිකකට බැලුවා එතන මිනිස්සු දිහා. අනේ උන් කියන්න දෙයක් නැතුව "දැම්ම දැම්ම.." කියල කිව්ව. මොකද ඉතින් අර හාලිය වටේ ඉන්න ඔක්කොමටම ඇහෙන්නනෙ කෑ ගැහුවෙ.දැන් ඒ මිනිස්සු ආපු කාරණය හරි යයිද, අර වගේ කතා කලහම. එතකොට අර මිනිස්සුන්ට ඒ පූජා ස්ථානය ගැන හිතට යන දේ මොකක්ද?මොනවත් නෑ පන්සලේ නම කිව්වාම කඩයක් මතක් වේවි.

මට තේරෙන් නෑ ඇයි මිනිස්සු දෙවියන් ඉස්සරහ ඉද ගෙන මේ වගේ business කරන්නෙ කියන එක...? නැත්නම් දවසට සිය ගනනක් පුද පූජා කරන තැන මූ එක වට්ටියක දෙකක පඩුරු නෑ කියල ඕක කියවයිද..? අනික් අතට ඌ පඩුරු කියල හිතන් ඉන්නෙ නෝට්ටුනෙ.

සාරාංශව කිව්වොත් මම මේ දැක්ක ඇත්ත ඔබ හා බෙදා ගත්තෙ අද පූජා ස්ථාන කියන තැන් වලට වෙන්න යන දේ ගැන හිතලයි..තමන් පිරිසිදු සිතින් දෙවියන්ට පුදන දේට පඬුරු දෙනවාද නැද්ද කියන දෙය තමන්ට බාරයි.එයයි බලකොටුවේ නීතිය.මම කියන්නෙ නෑ හැම තැනක්ම මෙහෙම බව. නමුත් පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න , ඕන තරම් හොයා ගන්න පුලුවන්. මුලින්ම මේ කතාවට පන්සලේ නම අදාල නෑ කිව්වෙත් ඒකයි. මේ ලිපිය ලියන්න තවත් හේතුවක් තමයි අර සිද්ධිය අත් විදි උන්ට සාධාරණයක් ඉටු කරන්න.

ඒ වගේම උදේ සවස රූපවාහිනියට ඇවිත් සංස්කෘතිය කන පරජාතිකයන්ට බනින උගතුනි...! සංස්කෘතිය රකින තැනම සිට සංස්කෘතිය කන මේ වගේ ස්වදේශික බලවේග විනාශ කරන්න ක්‍රමයක් හදන්න.මොකද ඒක රටේ නීති යොදනවාටත් වඩා හොදින් කරන්න පුළුවන් ඔබටයි. මම එය දැක අදෝනා දුන් තවත් එක් අයෙකු පමණි.
එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ "පුද පූජා කල හැක්කේ නොට්ටුවක් තිබිය හැක්කන්ට පමනක්ද..?" යන ප්‍රශ්නය ඔබ හමුවේ තබමි...

Feb 20, 2010

බලකොටුවට පාර කපමි...

මේ මගේ පළමු blog සටහන. හරිම අලුත් බවක් හිතට දැනෙනව. මොකද මම ආසාවෙන් අනිත් අයගෙ blog කියෙව්වට මම මගේ දෙයක් කියල ලියන්න පටන් ගත්තෙ අදනෙ...ඒ වගේම මම දැඩි සේ විස්වාස කරන දෙයක් තමා "අප යම් දෙයක් ලබා ගැනීමට ඒ දෙය වෙනුවෙන් අපි කැප විය යුතුයි..." යන බව. ඉතින් අන් අයගේ blog කියවල දැනුම ලබන මගෙන් මෙතුවක් ඉටු නොවූ දෙයක් ඒක.

ඒ ඔක්කොමත් හරි මම මේකට නමක් හිතන්න ගිහින් වැටුන අමාරුවක්...කොහොම හරි මම අන්තිමට දාපු නම තමා ඔය තියන්නෙ. මේකට ලොකු හේතුවක් ඇතුව දැම්මෙ...හැබැයි මට ඒ අදහස එක පාරට තේරුම් කරන්න අමාරුයි...සමහර විට ඒකට ටික කාලයක් යාව්. එය බලන ඔබලාම තීරණය කරත්වා...!
මෙහිදී මට සිදු වූ එක සිද්ධියක් මතක් කල යුතුයි. දවසක් යාලුවෙක් එක්ක blog ගැන කතා කරනකොට මම ඇහුවා..."මචං මේ ඇකඩමික් අස්සේ තව blog ලියන්න වෙලා තියෙනවද කියලා." මේක අහපු පොර මට කිව්වේ..."මචං මේක කරන්නේ තවත් වැඩ ගොඩ කර ගන්න නෙමේ. මේක ලියන්නෙ හිත නිදහස් කරන, ඒ වගේම වටිනා දෙයක් විදිහටයි..." කියල. ඒ කවුරුත් නෙමෙයි, අපේ ක්‍රිශාන් සහොදරයායි (අලියා). උඹ කිව්ව කතාව නම් හරි මචො, උඹට ඔය සිද්දිය අමතක උනත් මම ඒක හිතේ තියා ගෙන හිටියා. ඔන්න අද ඒක ක්‍රියාවට නැංවුවා.

ඉතින් ඔය ටික තමා ඔක්කොටම කලින් මට කියන්න තියෙන්නෙ. අදට මම නවතිමි.